ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබුණු බැවින් විදුලි ජනනය සඳහා වැය වන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බවය.
එමෙන්ම එළැඹෙන වසරේ මුල් මාස 3 සඳහා විදුලි ජනනය අඛණ්ඩ සම්පාදනය කිරීමටද මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.