හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොවීමෙන් රු. කෝටි 27ක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා ක්‍රියාත්මක නොවිම හේතුවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ පෙළපොත් පිටපත් නැවත මුද්‍රණය කිරිම සදහා රුපියල් විසිහත්කෝටි,අසුදෙලක්ෂ,දහදහස්එකසියඅසුහයක (278,210,186) මුදලක් වැයකිරිමට සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
හය ශ්‍රේණිය සදහා වු ඉංග්‍රිසි මාධ්‍ය මොඩියුලයෙහි අන්තර්ගත කරුණු සම්බන්දයෙන් ඇතිවු ගැටළුකාරි තත්ත්වයන් හේතුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හය ශ්‍රේණිය සදහා ක්‍රියාත්මක කොට නොතිබුණි. මේහේතුවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ පෙළපොත් පිටපත් විසිඑක්ලක්ෂ, පන්සියහතලිස්පහක් (2,100,545) නැවත මුද්‍රණය කොට තිබුණි.
කෙසේවුවද 2026 වර්ෂයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරිම සදහා හය ශ්‍රේණියේ පළමු වාරයේ මෙඩියුල පිටපත් හැටඅටලක්ෂ, හතලිස්දහස් අටසියයක් (6,840,800) මුද්‍රණයකොට තිබුණි. අන්තර්ගතය ගැටළුකාරිවු ඉංග්‍රිසි මාධ්‍ය මොඩියුලයේ මුද්‍රණ වියදම නිෂ්කාර්යය වියදමක් බවට පත්ව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

