පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
- 13 09 2026
- 20:41
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා ( Doctor Rosh Jalagge ) , සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති රොෂ් ජලග්ගේ මහතා , මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපාර රැසක හිමිකාරත්වය දරන ශ්‍රී ලාංකික බිලියනපතියෙකි .
ඔහු මෙරටට පැමිණි Gulf Stream G - V (ගල්ෆ් ස්ට්‍රීම් ජී - වී ) ගුවන් යානයට කිලෝ මීටර් 12,000 ක දුරක් පියාසර කළ හැකිය .
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික ගුවන් යානය වූ , 1980 දශකයේ දී උපාලි විජේවර්ධන මහතා විසින් මිළදී ගෙන තිබූ ලියර් ජෙට් 35 ඒ ( Lear Jet 35 A ) ගුවන් යානයට පියාසර කළ හැකි වූයේ කිලෝ මීටර් 4,000 ක් පමණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.