අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
රාජ්‍ය වැවිලි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය , ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය වැවිලි සමාගම් පසුගිය කාලයේ පාඩු ලැබුවා නොව පාඩු ලබන තත්වයට හිටපු පාලකයින් පත් කළ බව වැවිලි සහ ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කීය.
රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වතු සමාගමේ සේවය කළ සේවකයින්ගේ වසර 24 ක්ම හිඟව තිබූ ආර්ථසාධක අරමුදල් සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් සහ පාරිතෝෂික මුදල් ලබා දීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්යවනරයා මේ බව කිය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (10) වදා මෙම උත්සවය පැවැත්විණ.මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද කීය.
"රාජ්‍ය වැවිලි සංස්ථාව ජනවසම සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවල සේවය කළ මෙම පිරිසට ගෙවිය යුතු මේ ආර්ථ සාධක සහ පාරිතෝෂික මුදල් හිඟ වුනේ ඇයි. මේවා හිඟ වුනේ මේ ආයතන ගෙවන්න ඕන මුදල ගෙවුවේ නෑ. ඒ නිසා ගෙවන්න ක්‍රමයක් නෑ. මේවා පාඩු ලැබුවා. මේවා පාඩු ලැබුවා නෙවෙයි පාඩු ලබන තත්වයට පත් කළා .
රාජ්‍ය වැවිලි සංස්ථාව භාරව හිටපු නුවර පැත්තේ ඇමතිවරයෙකුගේ කාලයේ වැවිලි සංස්ථාවට ෆිනෑන්ස් කරලා ජීප් රථ පහක් ගෙනල්ලා තිබුණා. ගෙනල්ල බලන කොට ගෙනල්ල තියෙන්නේ වමෙන් පදවන වාහන. ලංකාවේ ඒවා පාවිච්චි කරන්න බෑ. මේ වාහන පහ ගෙනාව සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ ඉන්නවා අර ඇමතිතුමාගේ නෝනයි, දුවයි. අන්තිමට මේ වාහන පහ රාජසන්තක කළා. අන්තිමට ලීසිං සමාගම නඩුවක් දානවා. දැන් අපි ගෙවනවා. මේවා ඉතිහාසයේ වැලි තලාවෙන් යට වුනාට අපි මේ වාහන පහේ ප්රශ්නය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරල තියෙනවා. ඒවාට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න.
ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය 54 ක් අර්ථසාධක මුදල් ගෙවල නෑ. භාරකාර අරමුදල් ගෙවල නෑ. පාරිතෝෂික ගෙවල නෑ. ජනාධිපතිතුමා පත් කළ කමිටුව මේව ගැන හරියට හොයල කැබිනම් එකට වාර්තා කළා. මේ ආණ්ඩුව ආවේ නැත්නම් මේවා ජනතාවට සිහිනයක්.
පොදු ජන පෙරමුණෙ මහ ලේකම් සාගර කාරියවසම් කියනවා බුදුන් වහන්සේ අංගුලිමාලටත් රහත් වෙන්න අවස්ථාව දුන්නා. වැරැද්දක් කළත් වැරැද්දට සමාව දුන්නා කියලා. අංගුලිමාල ඇඟිලි කප කපා ගියේ ගුරුවරයා දීපු වැරදි උපදෙසක් නිසා නැත්නම් වැරදි විදිහට තේරුම් ගත්ත නිසා. අංගුලිමාල ජාතික ධනය හොරකම් කරල නෑ. මහජන දේපළ හොරකම් කරල නෑ. අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ. මම සතුටු වෙනවා සාගර කාරියසම් පිළිගන්නවා අංගුලිමාලට සමාන වරදක් රාජපක්ෂවරුන් කරල කියලා. අංගුලිමාලට සමාව දුන්නනම් මෙයාටත් බැරිද කියල අහන එකේ තියෙන්නේ ඒකනේ.
තොණ්ඩමන්ලා දිගාම්බරම්ලා මනේ ගනේෂන්ලා මේ ජනතාවගේ වෘත්තිය සමිති හැදුවා. වෘත්තිය සමිති සටන් කළා. මම අහන්නේ අවුරුදු 24 ක්ම සටන් කරපු ඔය වෘත්තිය සමිති මේවා අරන් දුන්නද කියලා. යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය
මොහොමඩ් ආශික්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

