වාද්දූව පොලිස් වසමේ පොහද්දරමුල්ල වෙරළ පාර ආසන්නයේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට වාද්දූව පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 61 ක් වූ වාද්දූව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු දුම්රිය මාර්ගයේ පා ගමනින් පානදුර දෙසට ගමන් කරමින් සිටියදී දකුණු කළුතර සිට මරදාන දෙසට ධාවනය වූ දුම්රියක ගැටී මෙලෙස මියගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. වාද්දූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.