saravita-anim2

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 305 hours ago

LATEST

පොලීසියේ පුරප්පාඩු 26047ක්

calendar_today 2025 අප්‍රේ 10 - 22:29 remove_red_eye - 198  

වර්තමානය වන විට පොලිස් සේවයේ පුරප්පාඩු 26,047ක් පවතින බවත්, ඊට අමතරව සහය සේවා තනතුරු පුරප්පාඩු 1,827ක් තිබෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

පොලිසියෙන් ආයුධ හොයන්න ආ බව කියා දෙදෙනාගෙම අත්බැඳ ඇඳේ වාඩි කරලා ඔහුන් පැළඳ සිටි රන් ආභරණ කොල්ලකරුවෝම ගලවා ගනිති පැය දෙකක පමණ කාලයක් නිවස තුළ රැඳී ඉඳලා. ග්‍රාම නිලධාරීවරයාගේ යතුරුපැදියෙන්ම කොල්ලකරුවෝ පලායයි

Read More

2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවලදී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යාහන 12 දක්වා පමණක් සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මීගමුව පිටිපන ප්‍රදේශයේ සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 09 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ දෙසිය පහයි (205) ග්‍රෑම් නමසිය පනස් අටක (958) පමණ තොගයක් ප්‍රවාහනය කල ලොරි රථයක් (01) සහ මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

Read More

තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ.

Read More

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

Read More

උප්පැන්න සහතික ගැටළු, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම් ගැටළු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ දිවුරුම සම්බන්ධයෙන් ගැටළු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 35 ක් යළි භාරගන්නා ලෙස අදාළ පළාත් පාලන ආයතනවල තේරීම් භාර නිලධාරීන්ට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1 737 141 සඳහා රුපියල් බිලියන 12.63ක් හා සුදුසුකම් ලැබූ අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580 944 කට රුපියල් බිලියන 2.9ක්ද හෙට (11) වැනි දින බැංකු ගත කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Read More

රාජකාරී වැඩ තහනමට ලක්ව තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා රුපියල් මිලියනය බැගින් වූ ඇප දෙකක් මහත මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (2025.04.02) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කරනු ලැබීය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (10දා) පැවැත්වේ.

Read More

• මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නැහැ.

Read More

අද දින ( 10 ) පෙ.ව. 7.00 සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය රියදුරන් අසනීප නිවාඩු වාර්තා කිරීමට විධායක සභාව තීරණය කර ඇත

Read More

​ඩුබායි සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩාම් සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන අනුගාමිකයෙකු පිස්තොල අවියක්, රිවොල්වර අවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.

Read More

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුද්හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති මරගල කදුවැටියෙන්, ශ්‍රී ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයා ගැනිමට,මෙරට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙි.

Read More

අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර දෙන්නේ නැහැ අල්ලස හා දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක්ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වමින් ජනපති කියයි

Read More

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පෙරවරු 11.00 ට පැවැත්වේ.

Read More

ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ තීරු බදු ක්‍රියාත්මක කිර‍ිම දින 90කට අත්හිටුවීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

Read More

ඇමෙරිකාවේ සිට චීනයට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 84ක බද්දක් පැනවීමට තීරණය කර තිබේ. ඇමෙරිකාව විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ සියයට 104ට ප්‍රතිචාරයක් වශයෙන් චීනය මෙම නව බදු පැනවීම සිදුකර තිබේ.

Read More

2021 පෙබරවාරි මාසයෙන් පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරයලක මිල මේ තරම් පහ‍ළ වැටු‍ණු ප‍ළමු අවස්ථාව මෙය වෙයි.

Read More

වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වු බව කියන තරුණයාගේ මෘතදේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට අද (09) නියෝග කළේය.

Read More

කතරගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ෙඅසේක වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැර‍ි‍මට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

වාර්ෂික ව මෙරට සම්පූර්ණ රුධිර ඒකක 450,000 ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පස්වරුවේ පැවැත්විණි.

Read More

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසේක වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම මේ වසරේ දෙසැම්බර් මාසය තෙක් දීර්ඝ කිර‍ිමට කටයුතු කර තිබේ.

Read More

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට කරගෙන යාම හේතුවෙන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සහ විශේෂ කාර්ය බළකාය හා එක්ව එම වෙරළ ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 08 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය හතරයි (304) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා චීනය සියයට 34ක අමතර බද්දක් පැනවීමට සමගාමීව ඇමෙරිකාව විසින්ද චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන බදු ප්‍රමාණය සියයට 104ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.