ඩුබායිහි පවැති කාන්තා ආසියා කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්රි ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම ශූරතාව දිනා ගැනිමට සමත්විය.
ඩුබායිහි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දිය කාන්තා කණ්ඩායම කඩුලු 5ට ලකුණු 183ක් රැස් කරමින් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 184ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය.
ඒයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 111ක් පමණි.
