ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ්නතුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අනුව විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 8.30 දක්වා වලංගු වෙයි.