ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාව තවමත් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු පැවැසුවේ තෙල් සැපයීම සම්බන්ධයෙන් සමාගම්වලට බලපෑමක් එල්ල වී ඇති බවයි. පසුගිය කාලයේ ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 57ක් වෙන් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.