රු. කෝටි පහක කොකේන් ගිල දමා පැමිණි උගන්ඩා ජාතිකයෙක් අල්ලයි
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු " කොකේන් " මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , එවැනි ගුලි 90 ක් පමණ ගිල දැමූ උගන්ඩා ජාතිකයෙකු 09/13 දින පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 43 වන වියේ පසුවන උගන්ඩා ජාතික ගොවියෙකි. මොහු මෙම " කොකේන් " මත්ද්‍රව්‍ය තොගය උගන්ඩා රාජ්‍යයේ එන්ටබේ නුවරින් ගිල දමා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ . ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් 09/13 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ දහවල් වනතුරු ගුවන් තොටුපොළේ පළමු මහළේ රැදී සිට තිබේ .
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර , ගුවන් තොටුපොළ තුළ දී මොහු ගිල දමා තිබූ " කොකේන් " මත්ද්‍රව්‍ය ගුලි 13 ක් පිටතට දමා තිබුණි .
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා සහ මෙම උගන්ඩා ජාතිකයා ගිල දමා ඇති , ඉතිරි " කොකේන් " මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

