හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
නව පර්යේෂණයකට අනුව, හිමාල කලාපයේ ග්ලැසිය වේගයෙන් දියවීම, ග්ලැසියර ආශ්රිත විල්වල අස්ථාවරත්වය ඉහළ යාම සහ කලාපය නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියේ පවතින හිඩැස පුළුල් වීම හේතුවෙන් එම කලාපය අනතුරුදායක සීමාවකට ළඟා වෙමින් පවතී.
නේපාලයේ සහ ටිබෙටයේ සිදුවූ විනාශකාරී ගංවතුර තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 1,300කට අධික සංඛ්‍යාවක් මියගොස් පුළුල් විනාශයක් සිදුවීමෙන් අනතුරුව මෙම සොයාගැනීම් වාර්තා වී ඇති අතර, එමගින් වේගයෙන් වෙනස් වන හිමාල පරිසරය තුළ වර්ධනය වන අවදානම් මනාව ඉස්මතු කෙරේ.
'Integrated Mountain Initiative' (IMI) ආයතනය සමඟ එක්ව 'Systemiq' නම් ගෝලීය උපදේශන ආයතනය විසින් සකස් කරන ලද සහ 'International Centre for Integrated Mountain Development' (ICIMOD) මෙන්ම 'GB Pant National Institute of Himalayan Environment' යන ආයතනවල තාක්ෂණික දායකත්වය සහිතව නිකුත් කළ වාර්තාවකට අනුව, හිමාල කලාපයේ ග්ලැසියරවල ස්කන්ධය අහිමි වීමේ වේගය මීට දශකයකට පෙර පැවති තත්ත්වයට වඩා 65%කින් ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, එම වාර්තාවට අනුව, හිමාල-කරකෝරම් කලාපය පුරා පවතින බවට ඇස්තමේන්තු කර ඇති ග්ලැසියර 40,000න් විස්තරාත්මකව සහ අඛණ්ඩව නිරීක්ෂණයට ලක් කෙරෙන්නේ ග්ලැසියර 21ක් පමණි.භූගෝලීය ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් මෙම නිරීක්ෂණ හිඩැස ඉතා වැදගත් කාරණයකි.
ග්ලැසියර පසුබැසීමේදී, පාෂාණ සහ අයිස්වලින් සැදුම්ලත් අස්ථාවර තැන්පතු මගින් රඳවාගෙන සිටින, ප්‍රමාණයෙන් විශාල වන විල් ඉතිරි විය හැකිය. ඒ සමඟම, උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් දිය විය හැකි ස්ථිරවම ශීත වී පවතින පස සහ උස් කඳු බෑවුම් අස්ථාවරත්වයට පත්වන අතර, එමගින් එකිනෙක සම්බන්ධිත ආපදා මාලාවක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බව එම වාර්තාව පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

