රු. කෝටි 32ක කුෂ් කටුනායකින් අල්ලයි
රුපියල් කෝටි තිස් දෙකක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ තුළ , ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා ගොස් තිබියදී , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/15 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
කිලෝ ග්‍රෑම් 32 ක බරකින් යුතු " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය , ගමන් මලු දෙකක් තුළ , සුළං නොවදින ලෙස පැකැට් 60 ක් තුළ අසුරා සකස් කර ගෙන තිබුණි .
" කුෂ්" මත්ද්‍රව්‍ය තොගය 09/14 දින තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියෙකු විසින් රැගෙන විත් තිබූ අතර , ගුවන් තොටුපොළ තුළ ඔහු අත් අඩංගුවට පත් විය හැකි නිසා , මෙසේ මෙම ගමන් මලු 02 , ඔහු අතහැර දමා පළා යන්නට ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු සැක පළ කරති .
කෙසේ වෙතත් මේ පිළිබද , කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහය කර ගනිමින් , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම ගමන් මලු ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගියා අනාවරණය කර ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ . මෙසේ අත් අඩංගුවට ගත් " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය 09/15 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

