ගාල්ල බන්ධනාගාරය තුල සිදුකරණු ලැබු විශේෂ සෝදිසි කිරිමේ මෙහෙයුමකදි කාන්තා අංශයේ තිබි ජංගම දුරකථන 07ක් සහ පිරිමි අංශයේ තිබි ජංගම දුරකථන 04ක් සොයාගෙන ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙම ජංගම දුරකථනවල සන්තකය අනාවරණය නොවන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වාදෙයි එමෙන්ම පිරිමි අංශයේ ඒ සහ බි වාට්ටු පරික්ෂා කිරිමේ දි හෙරොයින් මත්ද්‍රව්‍ය බවට සැකකලහැකි මත්කුඩු කුඩා පැකට් 11ක් සහ අයිස්මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි කුඩා පැකට් 09ක් හමුවි ඇත. ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් මෙම විශේෂ සෝදිසි කිරිමේ මෙහෙයුම සිදුකරණු ලැබිය.