පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක තුනක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (15) පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ සීතාවක, කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොල, රුවන්වැල්ල, කළුතර දිස්ත්රික්කයේ දොඩන්ගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර හා වලල්ලාවිට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමේ නිවේදනය නිකුත් කොට තිබේ.
මෙම නිවේදනයන් හෙට (16) දින පෙරවරු 10.00 දක්වා වලංගු වන බවත්, නිවේදන නිකුත් කොට ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව වඩාත් අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.