ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලගේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේමේ හේතුවෙන් එහි බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම ප්‍ර දේශවල වල ඇතැම් ස්ථාන වලට මි. මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ඌව, නැගෙනහි හා උතුරු මැද පලාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.