ඇමති විජිත අද තායිලන්ත සංචාරයකට
තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනය පරිදි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද(14) සිට 16 වැනිදා දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී, අමාත්‍ය හේරත්, තායිලන්ත කම්කරු අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වනු ඇති අතර, එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
‘කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම’ සහ ‘තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුම’ අත්සන් කිරීම මගින් දෙපාර්ශ්වයම කම්කරු ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම සංචාරය මගින් සංචාරක හා රැකියා, සංක්‍රමණ සහ ශ්‍රමිකයන්ගේ සංචලතාව යන ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගීතාව වර්ධනය කිරීමටත්, ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

