ලංකාවේ ජලාශ පද්ධතියේ ජල ධාරිතාව සියයට 33.5 දක්වා පහළට
- 15 09 2026
- 19:41
- {{hitsCtrl.values.hits}} views
- ..
අක්කර අඩි තිස් ඒක්ලක්ෂ දහහතරදහස් හාරසිය හතක් වන මෙරට ප්‍රධාන ජලාශවල සමස්ත ජලධාරිතාවය අක්කර අඩි නව ලක්ෂ අනූඅටදහස් දෙසිය පනස් නවයක් දක්වා පහළ ගොස් ඇතැයි වාරි මාර්ග අධ්යක්ෂ ( ජල කළමණාකරන) ඉංජිනේරු ඒච්.ඒම්.පී.ඒස්.ඩී.හේරත් මහතා පවසයි.
ඒ අනුව 33.6 % ක් දක්වා තවදුරටත් ජලාශ 74 හි ජල මට්ටම පහළ ගොස් ඇති අතර, අම්පාර ජලාශ 09හි පවතින ජලධාරිතාවය 21.5 % ක්, මඩකලපුව ජලාශ 04 24.6 % ක්, ත්‍රිකුණාමලය ජලාශ 05 හි 27.7 % ක් දක්වා පහළ ගොස් තිබෙන බව ද ඉංජිනේරු ඒච්.ඒම්.පී.ඒස්.ඩී.හේරත් මහතා සදහන් කළේය.
මේ අතර ප්‍රධාන ගංගා ද්‍රෝණි කීපයක ඉහළ ජල පෝෂිත ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබී ඇති අතර . ගිං ගග සහ බෙන්තර ගංගා ද්‍රෝණි වල පිහිටි බද්දේගම, ඇල්පිටිය ප්‍රදේශවලට මිලි මීටර් 75-100 අතර වර්ෂාපතනයක් මෙන්ම . මහවැලි ගංගාවේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල පෝෂිත ප්‍රදේශවලට මිලි මීටර් 75-100 අතර වර්ෂාපතනයක් ලැබී ඇත.
කළුගග සහ කැළණිගග ඉහළ ප්‍රදේශවලට මිලි මීටර් 50 ආසන්න වැසි ලැබී ඇති තිබෙන අතර මන්නාර, වව්නියාව දිස්ත්‍රික්කවලට ප්‍රදේශ කීපයකට මිලි මීටර් 50 ආසන්න වැසිලැබී තිබෙන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මඩකලපුව, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 50ට අඩු වර්ෂාපතනයක් ලැබී තිබෙන බවත් ගංගා ද්‍රෝණිවල ජලධාරිතාවය ඉහළ යාමේ අවදානමක් නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දික අරුණ කුමාර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

