2026 වර්ෂයේ යල කන්නයේ වී මිලදී ගැනීම වෙනුවෙන් වෙන්කරන ලද මුදල්වලින් රුපියල් මිලියන 6000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දී තිබුණි.එම මුදල යොදා ගනිමින් වී අලෙවි මණඩලය වී මිලදී ගැනීම සිදුකළද තවත් ප්ර දේශ කිහිපයකම වී අස්වනු නෙලා අවසනව නොමැති බැවින් එම ප්ර දේශයන්හි වී මිලදී ගැනීම සඳහා වෙන්කළ ප්රතිපාදප්රමාණවත් නොවෙයි.
ඒ අනුව 2026 යල කන්නයේ වී මිලදී ගැනීම වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් මිලියන 7500න් තවත් රුපියල් මිලියන 2500ක් ප්රතිපූර්ණය කිරීමේ පදනම මත වී අලෙවි මණ්ඩලයට ලබාදීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.