saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

International - timelapse 718 hours ago

LATEST

විජේගේ රැළියේ තෙරපීමෙන් 39ක් ජීවිතක්ෂයට

calendar_today 2025 සැප් 28 - 16:59 remove_red_eye - 326  

ඉන්දීය සුපිරි නළු විජේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවත්වූ දේශපාලන රැලියක් අතරතුර ඇති වූ තෙරපීමකින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව නිලධාරීහු පවසති.

ලොව උසම පාලම නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ අද උදෑසන ගමනාගමනය සඳහා විවෘත කරන ලද චීන මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක ඉදිකිරීම් වලින් පසු ග්‍රෑන්ඩ් කැනියන් හරහා ගමන් කාලය පැය දෙකක සිට මිනිත්තු දෙකකට මේ හරහා අඩුවෙයි.

Read More

තම ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවට අදාළව වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.

Read More

ලෝකයේ දීර්ඝතම ගුවන් ගමනට හිමි වාර්තාව සමන් සතු කර ගැනීමට චීනයේ චයිනා ඊස්ටන් ගුවන් සේවය සැලසුම් කර තිබේ. ඒ අනුව එම ගුවන් සේවය මේ වසර අවසානයේදී චීනයේ ෂැංහයි සිට ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

Read More

ඇමෙරිකා ක්‍රිකට් ආයතනය (USAC) තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අඟහරුවාදා පැවති රැස්වීමකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.

Read More

ඇෆ්ගනිස්ථානයේ විශ්ව විද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් කාන්තාවන් විසින් ලියන ලද පොත් තහනම් කිරීමට ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය විසින් තීරණය කර තිබේ. එසේම මානව හිමිකම් සහ ලිංගික හිංසනය පිළිබඳව ඉගැන්වීම ද තහනම් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

Read More

ජුනි මාසයේදී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ජෙට් යානයකින් මියගිය මගීන් හතර දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්, ගුවන් යානා නිෂ්පාදක බෝයිං සහ ගුවන් යානා කොටස් නිෂ්පාදක හනිවෙල් සමාගම්වලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නඩුවක් ගොනු කර ඇති අතර, සමාගම්වල නොසැලකිලිමත්කම ඊට හේතු වී ඇති බව නඩුුව ගොනු කරමින් ඔවුන් සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් සිටි වෙනිසියුලාවේ මත්ද්‍රව්‍ය රැගත් බව කියන බෝට්ටුවක් එක්සත් ජනපද හමුදාව විසින් විනාශ කර ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

නේපාලයේ අලුතින් පත් කරන ලද අන්තර්කාලීන අගමැතිනිය පවසන්නේ ඇය මාස හයකට වඩා වැඩි කාලයක් එම තනතුරේ නොසිටින බවයි.

Read More

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිර දඬුවමක් නියම කර තිබේ.

Read More

වලංගු ඇමරිකානු වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ට ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසාහි පහසුකම් අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හරහා චීන ජාතිකයන්ට නාසා ආයතනයේ සේවය කිරීමට ඇති අවස්ථාව අවහිර වෙනු ඇත.

Read More

නේපාලයේ දූෂණ විරෝධී රැළිවලට එක්වූ ක්‍රියාකාරීන් 19 ක් ඝාතනය වීමත් සමග උත්සන්න වූ නොසන්සුන්තාව හේතුවෙන් නේපාල අග්‍රාමාත්‍ය ශර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වි ති‍බේ.

Read More

ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බෙදීමක් වළක්වා ගැනීම සඳහා ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉරිදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.

Read More

දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දැවැන්ත හමුදා පෙළපාලියකදී චීනයේ නවීනතම අවි ආයුධ ප්‍රදර්ශනය කළේය. දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානලේසර් අවි, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහ දිය යට ක්‍රියාත්මක විය හැකි විශාල ඩ්‍රෝන යානා මෙහිදී එළිදැක්වීය.

Read More

හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු ඔබෙයිඩා ඊශ්‍රායෙලය විසින් ගාසා නගරයේ නිශ්චිත ඉලක්කයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පවසයි.

Read More

යේමනයේ හූති සටන්කරුවන්ගේ ස්වයං ප්‍රකාශිත අගමැති ලෙස සැලකෙන අහමඩ් ගලෙබ් නසාර් අල්-රහාවි මෙම සතිය මුලදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව තහවුරු කර තිබේ.

Read More

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව මේ වන විට තියාන්ජින් නගරයේ පැවැත්වීමට නියමිත අතර, එය ගෝලීය දකුණට නව අවස්ථා සහ බලය ලබාදෙන සම්මන්ත්‍රණයක් ලෙස සැලකේ.

Read More

ඇමරිකාවේ ගුවන් සේවා දැවැන්තයෙකු වන බෝයිං සමාගමෙන් කොරියානු එයාර් ගුවන් සේවයට ගුවන් යානා 103 ක් මිලදී ගැනීම සඳහා සමාගම් දෙක ගිවිසුමකට එක්ව තිබේ.මෙම ගිවිසුමේ වටිනායක ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් වෙයි.

Read More

විනිසුරු වරයෙක් ලෙස ලෝකය පුරාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඇමෙරිකානු විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ, 2025 අගෝස්තු 20 වන දින වයස අවුරුදු 88 දී අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

යුක්රේන යුද්ධය නිමා කිරීමේ තවත් එක් පියවරක් වශයෙන් යුක්රේන ජනපති වි. ‍සෙලෙන්ස්කි හා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සඳුදා වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

රුසියාව හා යුක්රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණියත් සාකච්ඡා ධනාත්මක බව රුසියානු ජනපති හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

Read More

ඉතාලියේ ලැම්පෙදුසා දූපතට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී සංක්‍රමණිකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 10කට වාඩ අතුරුදහන්ව ඇති බව ඉතාලි වෙරළාරක්ෂක සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය පැවසීය.

Read More

දකුණු කොරියාවේ සිරගත කර සිටින හිටපු ජනාධිපති යූන් සුක් යෙල්ගේ බිරිඳ, කොටස් හැසිරවීම සහ අල්ලස් ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය. එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාවට පසුව පලස්තීන රාජ්‍ය නිල වශයෙන් පිළිගන්නා බවට නිවේදනය කළ සිව්වැනි ප්‍රධාන පෙලේ රට වන්නේ ඔස්ට්‍රේලියාවයි.

Read More

තුර්කියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

Read More

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් තවත් මරණ 11 ක් වාර්තා වී තිබේ. ඒ අනුව, මන්දපෝෂණයට සම්බන්ධ මුළු මරණ සංඛ්‍යාව 212 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් ළමුන් 98 ක් ද වෙන බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන අතර එමඟින් ගාසා තීරයේ ජනතාවගේ ප්‍රචණ්ඩත්වය සහ දුක් වේදනා තවදුරටත් උග්‍ර වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ’’ඉදිරි දිනවලදී’’ හමුවීමට එකඟ වී ඇති බව ක්‍රෙම්ලිනය ප්‍රකාශකයෙක් පවසා තිබේ.

Read More

ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්දියාවට පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 50ක් දක්වා තවත් සියයට 25කින් වැඩි කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන Sotheby’s සමාගමට අයත්ව තිබූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බව පැවසෙන පූජනීය මැණික් ප්‍රමාණයකින් කොටසක් ඉන්දියාව වෙත භාරදීමට එම සමාගම පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.