දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව බලධාරීන් අනතුරු අඟවයි.
බරපතල තුවාල ලැබූ 30 කට වැඩි පිරිසක් රෝහල්වලට ඇතුළත් කර තිබේ. මලගා සිට මැඩ්රිඩ් දක්වා ගමන් කළ අධිවේගී දුම්රියක් පීලි පැන වෙනත් මාර්ගයකට මාරු ව තිබේ.
පසුව පීලි පැන ගිය දුම්රිය මැඩ්රිඩ් සිට හුවෙල්වා දක්වා ගමන් කළ ඉදිරියෙන් පැමිණි දුම්රියක ගැටී ඇත. ගැටුමෙන් අවම වශයෙන් පුද්ගලයින් 73 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

