ග්‍රීන්ලන්තය සිය පාලනයට ගැනීමට තමා කරන ඉල්ලීමට විරුද්ධ වන යුරෝපීය රටවලට අතිරේක තීරුබදු පනවන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
යුරෝපීය රටවල් මේ වන විට ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව වෙනුවෙන් එම රටට සිය නේටෝ හමුද යොමුකර ඇති අතර ඩෙන්මාර්කයේ විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ එක්සත් ජනපද ජනාධිපතිවරයාට අර්ධ ස්වයං පාලන ඩෙන්මාර්ක භූමියේ හිමිකාරිත්වයට තර්ජනය කළ නොහැකි බවයි.
ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කළ යුත්තේ "ග්‍රීන්ලන්ත වැසියන් හා ඩෙන්මාර්ක ජාතිකයන් පමණක්" බව එක්සත් රාජධානියේ ස්ථාවරය එක්සත් රාජධානියේ විදේශ ලේකම් යෙවෙට් කූපර් නැවත අවධාරණය කළේය.
සඳුදා, ට්‍රම්ප් බලය යෙදවීම ප්‍රතික්ෂේප කළ අතර එක්සත් රාජධානියෙන් සහ තවත් නේටෝ-මිත්‍ර රටවල් හතක් වන ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් එක්සත් ජනපදයට යොමුකරන භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු සමඟ ඉදිරියට යන බව අවධාරනය කළේය.