නවගත්තේගම රළපනාව අලිවැට ආසන්නයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්රබලයෙකු ( 17 ) අලුයම හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින බවත් ඒ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අසල්වැසියකුගේ යුතුකමක් වන බවත් පත්ව ඇති තත්ත්වයෙන් නඟා සිටුවීම සඳහා ඉන්දියාව හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කළේය.
Read Moreබුද්ධි අංශය දුන් තොරතුරු රජයක් ලෙස වගකීමෙන් ඉටු නොකළ හෙයින් මේ ව්‍යසනයට අපේ රට මුහුණ දෙන්න වුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreයුද්ධය අවසන් වී වසර 10ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිකොට ඔවුන්ගේ ආත්මයන් වෙතට සෙත් ශාන්ති පැමිණවීම හෙට (18) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී සිදු කෙරෙන බවට මුල්ලිවයික්කාල් වැසියෝ කියා සිටිති.
Read Moreඑක්සත් ජනපදයේ ජනතාව වෙනුවෙන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ වෙසක් පොහෝ දිනය වෙනුවෙන් පණිවුඩයක් ගෙනෙයි.
Read Moreජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් හසීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ, ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු හොරොව්පතානේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙවර වෙසක් පොහොය දිනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විශේෂ වැඩසටහනක් හේතුවෙන් මෙම මස 18 දින ඥාතීන් පෙන්වීම සිදු නොකරන අතර ඒ වෙනුවට 19 හා 20 යන දින දෙක ඒ සඳහා වෙන් කර ඇත.
Read Moreනීතිවිරෝධි අයුරින් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සොයා ලබන 20 දායින් පසු දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Read Moreමාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සේවයේ නියුතු සුළු සේවකයෙකුගේ පෞද්ගලික බඩු බහාලනයේ සඟවා තිබු අන්තවාදී දේශන ඇතුළත් ඩිවිඩි පට 48ක් හා සඟරා 04ක් සමඟ මුස්ලිම් ජාතික එම සේවකයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය පවසයි.
Read Moreමොරටුව පොලිස් වසමේ කටුබැද්ද දේවාලය පාර ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ අද (17) උදෑසන ගින්නක් ඇති වි ඇත.
Read Moreලුණුගම්වෙහෙර පොලිස් වසමේ කුඩා ගම්මාන ප්‍රදේශයේදි ඊයේ (16) රාත්‍රී 9.30ට පමණ සිදුවු වෙඩි තැබිමකින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදිම මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කොට ඇත.
Read Moreපුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඊයේ (16 ) දින දහවල් පැමිණි කාන්තාවක් සන්තකයේ ජාතික හැදුනුම්පත් දෙකක් තිබි සොයා ගැනිමට එම ස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරත වු සිවිල් ආරක්ෂක නිලධාරින් විසින් කටයුතු කර තිබු අතර පසුව පරික්ෂණ කටයුතු සඳහා පුත්තලම මුලස්ථාන පොලීසියට භාර දි ඇත.
Read Moreඅනාගතයේදී එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බව විදේශ ඇමති ප්‍රකාශ කරයි.
Read Moreජාති ආගම් කුල හා ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීමට නීති සකස් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
Read Moreත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් ඊයේ (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදි සැකකරුවන් දෙදෙනෙකු සමඟ මැදගම පොලීසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreපසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (16දා) පැවසීය.
Read Moreමෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදි වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10.00 ට සිදු කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලාංකේය දුම්රිය දෙපාර්තමේන්තුවට වසර තිහකට පසුව බහළුම් ප්‍රවාහන ගැල් දහයක් අද අලුයම මෙරටට (16) ආනයනය කෙරිණ. ඒ කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තයෙනි. දැනට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති බහළුම් ප්‍රවාහන ගැල් (container carrier wagon) සංඛ්‍යාව 25කි.
Read Moreත්‍රස්තවාදි හා අන්තවාදී ක්‍රියා සිදුකරන හෝ ඊට අනුබල දෙන ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ තරාතිරම නොබලා මරණීය දණ්ඩනය ලබා දිය යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
Read Moreජනවාර්ගික පදනමින් අධ්‍යාපන ආයතන රට තුළ බිහිවීම වැළැක්වීම බලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනුයේ දන්සල් 95ක් පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.
Read Moreඑල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාගේ ඇතුළු පිරිසකගේ ඡායාරූප ළඟතබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස යාපනය මහේස්ත්‍රාත් අන්තෝනිසාමි පීටර්පෝල්ඞ් මහතා අද (16) නියෝග කළේය.
Read Moreඑළඹෙන වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ ජනතාව සූදානම් වන අයුරු ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
Read Moreශ්‍රි ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස සිතා කටයුතු කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreකටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමේ අවස්ථාව ආවරණය කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක දේශපාලන වාසි ලබා ගැනීමට යොදා ගැනීමේ උත්සාහයට විරෝධය පළකරන බව ප්‍රකාශ කරමින් වන්දි ලාභීන් පිරිසක් වන්දි ගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.
Read Moreඊයේ (15දා) දිනයට සාපේක්ෂව අද (16දා) දිනය තුළ පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබූ බව ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.
Read Moreරටතුළ පවතින සාමකාමී වාතාවරණය පිළිබඳව අවධානය යොමුකරමින් අද දිනයෙදී පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකිරීමට පොලීසිය තීරණය කර තිබේ.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට තමන් විදේශ ගතව සිටින නිසා අත්සන් කිරීමට නොලැබුණත් ඒ පිළිබඳව පවත්වන ඡන්දයේදී එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
Read Moreචෝදනා එල්ල වී තිබෙන නැගෙනහිර හා බස්නාහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගැනීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඅලුත්ගම දර්ගා නගරයේ පිහිටි වෙළඳ සැලකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.
Read More