තට්ටු නිවාස සංකීර්ණවලට ගමන් කළ යුතුයි
අධික ජන ඝනත්වය හමුවේ තට්ටු නිවාස ක්‍රමයට රට ගමන් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මෙම අදහස් පළකර සිටියේ අම්පාර කාර්යාල සංකීර්ණයකට සහ තට්ටු නිවාස සංකීර්ණයකට මුල්ගල තැබීමේ අවස්ථාවට පසුගියදා සහභාගි වෙමිනි.
"ලෝකයේ ජන ඝනත්වයෙන් වැඩි රටවල් 30න් එකක් ලංකාව. ඒ නිසා මේ ලංකාවේ ඉඩම් පිළිබඳ තිබෙන්නේ ඉතාමත්ම තදබදයක්. ලොකු ආතතියක්. ඒ නිසා ඉදිරි කාලයේදී අඩු ගණනේ මේ නගරවල, විශේෂයෙන්ම මේ දුෂ්කර, ගම්බද කියන මේ දිස්ත්‍රික්කවල නගරවලවත් අපි තට්ටු නිවාස සංකීර්ණවලට ගමන් කළ යුතුයි.
පර්චස් 10-20, අක්කර භාගේ දෙකහමාරේ ගෙවල් වතුපිටි තවදුරටත් මේ රටට වලංගු නැහැ. ඒක නිසා අනාගතය ගැන බලමින් එවැනි නිවාස සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා" යැයි පැවසීය.

popular news
-
shan Wednesday, 17 July 2019 01:23 PM
තට්ටු නිවාස ලෝක අදර ලබාගැන ගුය ආණ්ඩුවෙන් සාදා ඉන්දියාව මැලේසියාව මාලදිවයින චීනය වැනි රටවලට සින්නක්කර විකුණුවේ දැන් කොලබ කොහෙද ඉඩ තියෙන්නේ ගෙවල් හදන්න ලනකවේ පුරාවේ භාවය නැති උන්ට රටේ ජනතාව බදුමුදල් වලින් නය ගෙවද්දී පිටරට වල උනාට ගෙවල් විකුණලා දැන් ආයේ නය අරගන තට්ටු නිවාස හදන්න යන්නේ අයෙත් ලෝක නය තවත් ගෙවන්න වහාම ශ්‍රී ලාංකීය පුරවැසි භාවය නැති උන් රටෙන් එලවා දමා මේ නිවාස ජනසතු කරන්න මේ නිවාස වලට ගිය වියදම් පියවන්න මුදල් ගෙවන්නේ රටේ පුරවැසියෝ නැතුව දෙසපලකයෝ නෙවේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

