පොළොන්නරුවට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ වැලිකන්ද , දිඹුලාගල , මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ ලංකාපුර ප්රාදේශිය ලේකම් කොට්ඨාස පහ තුළ පවුල් 6,407ක් පුද්ගලයින් 21,719 දෙනෙකුත් පාසල් 12ක් සහ එහි දරුවන් 2,878 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වය හමුවේ පානීය ජල හිඟයකට මුහුණ දි ඇති බව පොළොන්නරුව සහකාර ආපදා කළමණාකාර අධ්යක්ෂක උපුල් නානායක්කාර මහතා පවසයි.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළ සිටියේ,
වැලිකන්ද ප්රදේශිය ලේකම් කොටසේ ග්රාමසේවක වසම් 11ක පවුල් 3,910ක් එහි පුද්ගලයින් 13,507ක් සහ පාසල් 07ක සිසුන් 1,148 දෙනෙකුත් පානීය ජල හිඟයකට පත් වෙලා ඉන්නවා.
ඒ සදහා අපි දිනකට බවුසර් දෙකක් යොදා ගෙන ආපදාවට ලක්ව ඇති ජනතාව වෙනුවෙන් දිනකට පානීය ජල ලිටර් 98,000ක් බෙදා හරිනවා. ඒ වාගේම දිඹුලාගල ප්රාදේශිය ලේකම් කොටසේ පවුල් 1,522ක් ද පුද්ගලයින් ලෙස 4,518 දෙනෙකු සහ පාසල් 05ක් ඇතුළු ළමුන් 1,730 දෙනෙක් ආපදාවට ලක්ව තියෙනවා.
හිඟුරක්ගොඩ පවුල් 350ක් පුද්ගලයින් 1,200ක් ද මැදිරිගිරිය පවුල් 460ක් පුද්ගලයින් 1,844 දෙනෙක් සහ ලංකාපුර පවුල් 165ක් පුද්ගලයින් 650ක් පානිය ජල හිඟයකට පත්ව සිටිනවා.
ඒ අය සදහාත් බවුසර් 13ක් යොදාගෙන දිනකට පානීය ජල ලිටර් 198,250ක් බෙදා දෙනවා.
මීට අමතරව මෙම ප්රාදේශිය ලේකම් කොට්ඨාස තුළ පානිය ජල ටැංකි 201ක් ස්ථාන ගත කර හිඟයකින් තොරව ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පානිය ජලය ලබා දෙනවා. දිස්ත්රික්කය තුළ පානීය ජල හිඟයක් ඇත්නම් වහාම ග්රාම නිලධාරි වෙත දැනුම් දෙන ලෙස පොළොන්නරුව සහකාර ආපදා කළමණාකාර අධ්යක්ෂක උපුල් නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
