තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් අටකින් (08) ඉහළ දැමීමට කටයුතු කලහොත් ග්රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 08 කින් ඉහළ දමන ලෙසට තිරිඟුපිටි සමාගම රජයෙන් ඉල්ලා තිබෙන බවට වාර්තාවන බවත් මේ නිසා පාන් වලට අමතරව අනෙකුත් නිෂ්පාදනවල මිලත් ඉහළ දමන බවත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවත් එම සංගමයේ උප සභාපති රියෙන්සි විතානගේ මහතා සඳහන් කලේය.
සිල්ලර කාසි හිගය නිසා එකවර පාන්ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බවද කියා සිටියේය.