කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය දැඩිව ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට අද (16දා) පස්වරුවේ එක් වෙමිනි.
