ඇමති හර්ෂ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරයි
කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය වත්කම් හා බැරකම් මහජනතාව වෙත ප්‍රසිද්ධ කර තිබේ.
ඒ අනුව සිය වත්කම් හා බැරකම් මහජනතාව වෙත ප්‍රසිද්ධ කළ වත්මන් පාර්ලිමේන්තුවේ අටවැනි මන්ත්‍රිවරයා ලෙස හර්ෂ ද සිල්වා හඳුන්වාදිය හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.
අමාත්‍යවරයා 2018/19 සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මෙසේ මහජනතාව වෙත ප්‍රකාශයට පත්කර තිබේ.
මීට පෙර තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ සුමන්තිරන්, විදුර වික්‍රමනායක, එරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක්, අලි සහීර් මවුලානා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතය හරහා තම වත්කම් හා බැරකම් මහජනතාව වෙත ප්‍රසිද්ධ කළේය.
පාර්ලිමේන්තුව නියොජනය කරන මන්ත්‍රිවරු 225ක් සිටින අතර එයින් 8 දෙනෙක් පමණක් මේ දක්වා වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාව වෙත ප්‍රකාශයට පත්කර තිබේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 3.5ක් තරම් ඉතාමත් පහළ අගයකි.

popular news
-
Demuni de silva Wednesday, 17 July 2019 05:35 AM
Mr. Minister, Thank you. Anyway these are supposed to do. People say you all to go home.Don't you that is reasonable request. We must have a new Constitution.Civil Service abolished in 1972 is to be restored. Co-operate with Mr. Nagananda.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

