saravita-anim2

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

Latest News - timelapse 10551 hours ago

LATEST

මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය පිළිසකර කිරීමට රුපියල් මිලියන 1.5ක්

calendar_today 2019 මැයි 19 - 20:01 remove_red_eye - 2734  

මිනුවන්ගොඩ ජුම්මා පල්ලියට කලහකාරී පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එම ස්ථානයේ සිදුව ඇති අලාභ හානි පිළිසකර කර ගැනීම සඳහාබස්නාහිර පළාත් ආණ්ඩුකාරකාර්යාලය රුපියල් මිලියන 1.5ක්ලබාදීතිබේ.

දිස්ත්‍රික්ක 17ක, ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස හැටහතක වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී පාද උඩමළුවේ අද (19) අලුයම පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව 2018 -2019 ශ්‍රී පාද වන්දනා වරාය අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක සහ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ.

Read More

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18දා) සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

අපේල් 21 ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ ප්‍රශ්නයක්. ලෝකයත් එසේමයි හඳුනා ගන්නේ. මෙය පරාජය කිරිමේ වගකීම පැවැරෙන්නේ විශේෂයෙන්ම බුද්ධි අංශ වෙතයි.

Read More

නැගෙනහිර පළාතේ හා පොලොන්නරුව, මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්ක සඳහා හෙට දිනයේදී උණුසුම් කාලගුණය මිනිස් සිරුරට දැනෙන ‘වැඩි අවධානය’ යොමුකළ යුතු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පොළොන්නරුව කඳුරුවෙල මුස්ලිම් කොළණිය ප‍්‍රදේශයේ අද (19දා) පෙරවරුවේදී ඇළ මාර්ගයක් අසළ රොකට් විදිනයන් සඳහා යොදාගන්නා උණ්ඩවල කොටස් 72ක් සහ කඩු 02ක් කිසියම් පුද්ගලයෙකු විසින් දමා ගොස් තිබිය දී ලද තොරතුරක් අනුව සොයා ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.

Read More

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ අතින් යම් වැරැද්දක් සිදුවෙලා තියෙනවා නම් ඒක විභාග වෙන්න ඕනෙ සාමාන්‍ය නීතිය යටතේයි.

Read More

යුද්දයේදී මිය ගිය වැසියන් සහිකොට වාර්ෂිකව සිදු කෙරෙන යුද අනුස්මරණ උත්සවය දැඩි පොලිස් ආරක්ෂාවක් හමුවේ මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ පිහිටි ස්මාර්කය ඉදිරිපිටදී සිදු විය.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන නොතිබුණත් එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

“නියත වශයෙන්ම තරග කරනවා. මම තීරණය කළේ ගොඩක් කාලයකට කලින්. එහෙම නැත්නම් මට ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ගන්න හේතුවක් නෑ”

Read More

ශ්‍රි ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යූදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතැයි එම විශ්වාසභංග යෝජනාව ගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

විල්පත්තුව, මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ පැළ 10,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කිරිමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු කර්නල් නිලයට මෙන්ම නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනෙකු කර්නල් නිලයට උසස්කර තිබේ.

Read More

ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ ජීවිත පූජා කල විරෝධාර රණවිරුවන් සිහිකරමින් 2019 මැයි මස 19 වන දින සවස 0700 ට දීප ව්‍යාප්තව ආගමික ස්ථානයන්හි රජයේ/ පුද්ගලික ආයතන වල, සියළුම නිවෙස්වල, ත්‍රිවිධ හමුදා කඳවුරු / පොලිස් ස්ථාන තුල “සාමයේ පහනක්” දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට සැලසුම් කර ඇත.

Read More

ගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.

Read More

පසුගිය සති කිහිපයේ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පෙන්නුම් කළ ද වෙසක් පුන් පොහෝ දිනයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල පැමිණීමක් සීගිරියේ දැකගැනීමට හැකිවූ බව ධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

Read More

රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට කටයුතු කළහ. ජනතාව හැකි අයුරින් තම නිවාස හා මංමාවත් අලංකාරය කරමින් වෙසක් සැමරීය.

Read More

තරගය එක් පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවිය.

Read More

බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි.

Read More

අයි. එස්. අයි. එස්. සංවිධානයට යම් සම්බන්ධයක් ඇති බවට සැකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ පුද්ගලයෙකු අද (18දා) දහවල් ඇල්ල නගරයේ හෝටලයකදී ඇල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

Read More

බිංගිරිය ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධව අත්අඩංගුවට පත් පිරිසකට ඇප ලබාගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.

Read More

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

මෙරටට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

Read More

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ, යූටියුබ්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරිමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව අද (17දා) තීරණය කර තිබේ.

Read More

වැඩබලන ආරක්ෂක අමාත්ය‍වරයා ලෙස රුවන් විජයවර්ධන මහතා මිනුවන්ගොඩ ප්රක දේශයේ සංචාරය කිරීමේදි ආරක්ෂක රථ රාශියක් ගමන් ගැනීමේ වීඩියෝ දර්ශන පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්යත හා කැබිනට් නොවන ජනමාධ්යර අමාත්යග රුවන් විජයවර්ධන මහතා පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.

Read More

බලපත්‍රයක් නොමැතිව රජයේ අරක්කු බෝතල් 19ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 10,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් (16) දා නියෝග කරන ලදී.

Read More

අයිඑස් අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පාමින් පුත්තලම මුස්ලිම්වරුන් 1000ක් විදි පුරා සංචාරය කර අයිඑස් අයිඑස් ත්‍රස්තයින් විනාශ වෙන ලෙස දෙවියන් ගෙන් ඉල්ලා පුත්තලම කලම්බු ෆේස් කලපු තිරයේ දැවැන්ත රැස්විමක් පැවැත්විය.

Read More

උද්ගතව පවත්නා තත්ත්වය හමුවේ දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.