
උණවටුණ, රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැගී %සෙල්ෆි^ ඡායාරූප ගනිමින් සිටි තරුණයන් සිවුදෙනෙකු ඊයේ (16දා) මුහුදට වැටීමෙන් ඉන් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි හබරාදූව පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බද්දේගම, ගිනිමැල්ලගහ ප්රදේශයේ පදිංචිකරුවන් වන නිලංග මලිත් (අවු.20) හා රවිඳු ප්රසාද් (අවු.19) නමැත්තන්ය.
මුහුදට වැටී ගසාගෙන යමින් සිටියදී තරුණයන් දෙදෙනෙකු ගල් පර්වතයක එල්ලී දිවි බේරාගෙන ඇති අතර, සෙසු තරුණයන් දෙදෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
අදාළ තරුණයන් පිරිස රූමස්සලට පැමිණ අදාළ ගල් පර්වතය මතට නැග ඡායාරූප ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවත්, අදාළ ස්ථානය දිය නෑම සිදුනොකරන ස්ථානයක් බවත් පොලීසිය පැවසීය.
අතුරුදන් තරුණයන් දෙදෙනා සොයා නාවික හමුදාවේ දක්ෂිණ කඳවුරේ කිමිදුම්කරුවන් සෝදිසි මෙහෙයුම් දියත් කළද, ඊයේ සවස් වනතුරු කිසිදු තොරතුරක් ලැබී නොතිබිණි.
හබරාදූව පොලීසිය හා නාවික හමුදාව එක්ව සෝදිසි මෙහෙයුම් සිදු කරයි.
ගාල්ල - ජිනේෂ් නානායක්කාර/ රවිඳු දීයගහගේ