සංඝරත්නය තරම් මේ ආණ්ඩුවෙන් පීඩාවට පත්වුණ පිරිසක් තවත් නෑ
වත්මන් ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවට පත්වුණ පිරිසක් තවත් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ශ්‍යාමෝපාලී වනවාස මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කර්මාචාර්ය ශ්‍රී පාල බෝධි රාජ විවේක සේනාධිපති පූජ්‍ය කළු බෝවිටියන විමලරත්න නාහිමියන්ට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්වීමට අදාල අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට ඊයේ (15) පස්වරුවේ එක්වෙමිනි.
“සාසනය ආරක්ෂා වෙලා තියෙන්නෙ මහා සංඝරත්නය නිසයි. අද හාමුදුරුවරුන් හිරගෙවල්වල දමනවා විතරක් නොවෙයි නොයෙක් අපහාස කිරීමට මෙම ආණ්ඩුව පෙළඹිලා. මෙම ආණ්ඩුවෙන් මහා සංඝරත්නය තරම් පීඩාවට ලක්වූ පිරිසක් තවත් නෑ.
මෙම පාලකයන් ගරුතර මහා සංඝරත්නයට අපහාස උපහාස කිරීමෙන් නොනැවතී අනෙකුත් ආගමික නායකයින්ටත් අපහාස කිරීමට පෙළඹිලා. මොවුන් භික්ෂූන් වහන්සේලාට ආගමික නායකයින්ට අපහාස කරන්නේ ජනතාව උසිගැන්වීමටයි.
මෙවැනි තත්වයකට රට පත්ව ඇති වෙලාවක ජනාධිපති හා අගමැති එවැනි ප්‍රකාශ කරන මැති ඇමතිවරුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි. ඔවුන්ට ජනතාවගෙන් සමාව ගැනීමට පැවසිය යුතුයි. අපේ රට බෞද්ධ රටක් නොවෙයි කියන නායකයින් මෙහේ ඉන්නේ.”

popular news
-
daham Wednesday, 17 July 2019 02:54 AM
සත්‍ය ප්‍රකාශ කිරීම අපහාස කිරීමක් නොවේ .
Reply : 0 0
Demuni de silva Wednesday, 17 July 2019 05:22 AM
Mr.ex-president, go back to 1956.Pancha Maha Balavegaya which include Buddhist monks toppled Sir John's UNP Govt. In 1958 Communal riots started. Then PM was shot dead by a Buddhist monk- named Talduwe Somarama.people assaulted some monks.Infamous history is so.Don't mislead present generation.
Reply : 0 0
batangala Wednesday, 17 July 2019 06:51 AM
චන්දෙට බයිලා පටන් අරන් වගේ ....දළදා මාලිගාව වටේ කාර් රේස් තබන වෙලාවේ මුළු ශ්‍රී දලදාවටම අගෞරව කලේ ඔබේ පාලනය යටතේ බව හාමුදුරුවරුටත් ජනතාවටත් තවම මතක තියෙනවා. මේ නිසා කුමන ආණ්ඩුවකින් කලත් වැරදි දේ වරදයි.
Reply : 0 1
shan Wednesday, 17 July 2019 01:25 PM
ඒ ගැන කුමට කියනවද? අනිච්චේ දුක්කේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

