බදුල්ලේ පවුල් 10992 කට වැසිකිළි නෑ
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 10992කට වැසිකිළි පහසුකම් නොමැති බව හෙළිවිය. ඊයේ (15දා) දා පැවැති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි මේ බව අනාවරණයවිය .
බදුල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ එම්.කේ .ටියුෂන් මහතා මෙහෙදී පැවසුවේ පවුල් 10992 කට වැසිකිළි පහසුකම් නොමැති බවත් මේ පවුල් අතරින් 4389ට ඇත්තේ තාවකාලික වැසිකිළි බවත්ය .
රජය ඉකුත් අයවැයේදි මෙම වැසිකිළි ප්‍රශ්නයට මුදල් වෙන් කළත් ඒවා ලැබී නැති බව මෙහිදි අනාවරණය විය .
මේ පිළිබඳව ජල සම්පාදන හා සනිපාරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුකිරීමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව තීරණය කළේය.
බදුල්ලේ පාලිත ආරියවංශ

popular news
-
Bandula Tuesday, 16 July 2019 01:28 PM
අපි එයාලට ඩිගිටල් ලැට් හදල දෙමු, ඊටපස්සේ ලැප්ටොප් දෙමු,
Reply : 0 3
Kumar Tuesday, 16 July 2019 09:19 PM
වැසිකිලි නැති අය යන්නේ කැලේට නේද. වැසි කාලයට එම අපද්‍රව්‍ය ගඟට සෝදාගෙන යනබව කියන්න ඕනේ නැහැනෙ. කලකට පෙරනම් වැසිකිලියක් තනාගන්නා වලක් කපා ඒ මතට දමන්න කොන්ක්‍රීට් ලෑල්ලක් රජයෙන් දෙනවා. දැන් එහෙම කරන්නේ නැද්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

