බොහොම සිල්වත් හාමදුරුවරු ඉන්නේ- රන්ජන්
ගරුතර මහා සංඝරත්නය පිළිබඳව තමා කළ ප්‍රකාශයක් විකෘති කර සංස්කරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ කළ කරුණු විමසීමට පිළිතුරු ලිපියක් යොමුකරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් මහතා අද පුවත්පතට පැවැසීය.
ඒ අනුව අද දිනයේදී තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙන බවත් තම ප්‍රකාශය විකෘති ලෙස සංස්කරණය කිරිමට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර වන්දි ඉල්ලීමට නඩු පවරන බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ගරුතර මහා සංඝරත්නයෙන් බහුතර සිල්වත් හිමිවරුන් බවත් තමන් සඳහන් කළේ ඉතාමත් සීමිත භික්ෂූන් වහන්සේලා පිරිසක් පමණක් බවත් ඔහු පැවැසීය.
“මම බදාදා (අද/17දා) අගමැතිතුමා හමුවෙනවා. මම පිළිතුරු ලිපියකුත් ලියනවා. මම මේ ප්‍රකාශය කරලා සති දෙකක් විතර ඇති.මගේ ප්‍රකාශය විකෘති කරලා පළ කර තිබෙනවා. මම කිව්වේ ලේ ඉල්ලන, වැඩියෙන්ම කෑ ගහන ජාතිවාදය පතුරුවන අයගෙන් 90%ක් කියලයි මම කිව්වේ.
එතකොට ලේ ඉල්ලන කෑ ගහන හාමුදුරුවෝ ඉන්නේ 15-20ක් විතර. අනිත් අය බොහොම සිල්වත් හාමුදරුවරු ඉන්නේ. ඒ අය කෑගගහා හැමතැනම යනවා. ඒ අය කුඩා කාලයේ යම් කිසි අතවරයකට ලක්වෙලා ඇති ඒක චෙක් කරන්න කියලා තමයි කියන්නේ.
මගේ ප්‍රකාශය විකෘති කරලා, සංස්කරණය කරපු එක්කෙනාට විරුද්ධව මම මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් කරලා වන්දියක් ඉල්ලනවා.
මම ගරුතර මහා සංඝරත්නය පසඟ පිහිටුවා වදිනවා. ගෞරවණිය මහා සංඝරත්නයට හිත රිදෙන දෙයක් කිව්වේ නෑ. දූෂිතයන්ට වදින්න බෑ. බුදුහාමුරුවන්ගේ නියම බෞද්ධ පුත්‍රයන්ට පසඟ පිහිටුවා වදිනවා. අපචාර කරපු, ස්ත්‍රී දූෂණ කරන ලේ ඉල්ලන හාමුදුරුවන්ට වදින්න බෑ.”

popular news
-
Champa Wednesday, 17 July 2019 04:24 PM
අබෞද්ධයන් බුද්ධාගමට නින්දා අපහාස කරන එකේ සීමාවක් නැහැ. එහෙම කරන්න බයකුත් නැහැ. ඒ මොකොද කිව්වා නම් අනිත් ආගම් වලට තියෙන ආරක්ෂාව බුද්ධාගමට නැති නිසා. වෙන ආගමකට මොකක් හරි කිව්වා නම් නඩු. රට ජාතිය වෙනුවෙන් හාමුදුරුවරු කෑගහන එක බුද්ධාගමට එරෙහි කියල කවුද කියන්නේ? දැන් තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ කාලේ නෙමෙයි. නිඝන්ටයන්, දේවදත්තයන්, වෙරි වුනු නාලගිරියන්, බක බ්‍රාහ්මණයන්, ගිරි මේඛලා පිට නැගී මාර දූතයන්, අංගුලිමාලයන් , ආලවකයන්, සච්චකලා වැහි වැහැල තියෙන මේ කාලේ, බුදු හාමුදුරුවෝ කළා වගේ යමා මහා පෙළහර පාන්න බැරි හින්ද හාමුදුරුවරු කෑගහල හරි රටයි ජාතියයි ආගමයි බේරා ගන්න හදන එකේ තියෙන වැරැද්ද මොකක්ද? මුස්ලිම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන දැනගෙන ඉඳල තමන්ගේ ආගමේ පල්ලි වලට යන සහෝදර ජනතාව මැරෙන්න ඉඩ ඇරපු මිනිහට අන්‍ය ආගම් ගැන කතා කරන්න අයිතියක් නැහැ. කොහොමටවත් සිංහල බෞද්ධයෝ ආයේ යූඑන්පී එකට චන්දෙ දෙන්නේ නැහැ. බෞද්ධයෝ විතරක් නෙමෙයි ක්‍රිස්තියානි හෝ කතෝලික කිසි කෙනෙක් ආයේ යූඑන්පීකාරයන්ට චන්දෙ දෙන්නේ නැහැ.
Reply : 0 260
sumithra dharmasena Thursday, 18 July 2019 07:34 PM
හ්ම්දුරුවරු කියන්නේ තම ආත්මය භවුතික වසයෙන් විසල කැපකිරීමක් කරන manussayanya!
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

