තිරිගු පිටි මිල වැඩි කිරීම නීති විරෝධී බවත් ඒ වෙනුවෙන් වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පාරිභෝගිය අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
තිරිගු පිටි ආනයනය කරනු ලබන සමාගම් විසින් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් කිසිදු හේතුවක් නොමැතිව වැඩි කිරීම නිසා බේකරි නිෂ්පාදන වල මිල ඉහළයාමට හැකියාවක් ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් තිරිගුපිටි මිල සමාගම්වලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කල නොහැකි බවත් ඊට හේතුව තිරිගු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම බවත් එම සංගමය පවසයි.