saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10225 hours ago

LATEST

මහමැතිවරණය ගැන මැකෝගෙන් ඉඟියක්

calendar_today 2019 නොවැ 26 - 16:41 remove_red_eye - 1397  

ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වෙන්නේ රනිල් වික‍්‍රමසිංහයි. පාර්ලිමේන්තුව තුළ ඒක වෙනස් කරන්න බැහැ.

Read More

ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතර ඇඹිලිපිටිය පොලීසිය එහි කඩා වැදීමෙන් පසු මියගිය එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකකරන දැනට ඇප මත නිදහස්ව සිටින එවකට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා අධිකරණයට නොපැමිණීම නිසා ඔහුට එරෙහිව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ආර්.වී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය අද (26) වරෙන්තු නිකුත් කළාය.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වලක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයට වෙන වෙනම ඇප ඇයැදුම් දෙකක් ඉදිරිපත් කොට ඇත.

Read More

මේ පිළිබඳව පුළුල්ව විමර්ශනය කරලා අපි තීන්දු ගන්නවා. මම හිතන්නේ මිල සූත්‍රය අහෝසි කරන්න සිදුවෙයි.ජනපතිතුමාගෙත් අදහස ඒ පිළිබඳව තිබෙනවා.

Read More

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කිසිම තීරණයක් හෝ ප්‍රකාශයක් කළ නොහැකි බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්ම දිසානායක මහතා රජයේ නිල පුවත් සේවයට පවසා තිබේ.

Read More

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මේ මැතිවරණය කණ්ඩායම් ගණනාවක් එකට එකතුවෙලා කරපු එකක්. මේ මැතිවරණය මෙහෙයවන්න ලැබුණේ ඉතාමත් කෙටි කාලයක්. තුළ මැතිවරණය මෙහෙයවන්න මෙහෙයුම් කමිටුවක් පත් කළා. ඒක අපේක්‍ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. මෙහෙයුම් කමිටුවේ ප්‍රධානත්වය එතුමා දැරුවත් පක්‍ෂ නායකයෝ සියලුදෙනාම එකට වැඩ කළා. අනිත් කරුණ නම් මේ මැතිවරණ ව්‍යාපාරයේ සජිත් ප්‍රේමදාස මහතාට

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනය අදට (26) යෙදී ඇති හෙයින් එම දිනය උතුරු ප්‍රදේශයේ සැමරීමක් සිදුකෙරෙන්නේද යන්න පිළිබඳවත් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමටත් උතුරේ ආරක්ෂක අංශ සීරුවෙන් සිටියි.

Read More

නව රජය පත් වීමෙන් අනතුරුව පවත්වන ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට (27දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Read More

ලංකා වතු සේවක සංගමයේ සේවකයින් පිරිසක් වැඩ වර්ජනයක නිරත වෙමින් අද (26) පෙ.ව. 10.30 ට පමණ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මස්කෙළිය, මාවුස්සාකැලේ මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

මාරවිල හත්තිනිය ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ කන්ටේනර් රථයක ත්‍රිරෝද රථයක් ගැටිමෙන් සිදුවු අනතුරින් එක් අයකු මරණයට පත්ව කාන්තාවක් බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා ඊයේ (25) ත්‍රිකුණාමලය වරායට ‍සේන්දු විය.

Read More

කඩවත පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීමක් හේතුවෙන් ජතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන නල මාර්ගයකට හානි සිදුව ඇති හෙයින් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

Read More

මහවැලි, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, වාරිමාර්ග, අභ්‍යන්තර වෙළඳ හා ආහාර සුරක්ෂිත තා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (25දා) මහවැලි අධිකාරියේදී සිය අමාත්‍යධුරයේ වැඩ භාර ගත්තේය.

Read More

චෙතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නව චූඩා මාණික්‍යයක් සහිත රන් කොත නිරාවරණය කෙරිණි.

Read More

ඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය ප්‍රකාශ කරන බවත් සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

Read More

තම සංවිධානයේ සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසිය.

Read More

පිරිවැය අවම කිරීමේ හා මෙම නිලධාරීන්ගෙන් උපරිම සේවයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර ජනපති ආරක්ෂක අංශයේ බොහෝ පිරිසක් රාජකාරියක් නොමැතිව කාලය ගත කරමින් සිටි බවද වාර්තා වෙයි.

Read More

තේ වතු සමාගම් තුනක සේවයේ නියුතු නිත්‍ය කාර්යය මණ්ඩලය අද (25) ගෙවිමට නියමිත මාසික වැටුප ලබා ගැනිම වර්ජනය කල බව ලංකා වතුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා පැවසිය.

Read More

අපි ආදර්ශමත් වෙන්න නම්, යම් පරිත්‍යාගශීලී දේවල් කරන්න වෙනවා. කැපකිරීම් කරන්න වෙනවා. පෞද්ගලිකව තමන්ගේ තනතුරු තාන්න මාන්න ගැන හිතලා ජාතික නායකයෙක්ට ගමනක් යන්න අමාරුයි.

Read More

ජාතීන් අතර සහජීවනයට හා සාමය ආරක්ෂා කිරීමට බාධා වන මෙවැනි ක්‍රියා වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවට අද (25දා) පොලිස් මූලස්ථානය මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත නියෝගයක්ද නිකුත් කර තිබේ.

Read More

පශ්චාත් ජනාධිපතිවරණ සමය තුළ කැෆේ සංවිධානය වෙත පැමිණිලි 42ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි එම සංවිධානය පවසයි.

Read More

සෞඛ්‍ය ලේකම් ධූරයට පත්වීමට ඉහළම සුදුසුකම් තිබෙන පුද්ගලයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේදි ඉකුත් 7 දින තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් වෙඩි තැබුවේ යැයි කියන ආරක්ෂක නිලධාරියා 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද (25) නියෝග කළේය.

Read More

මෙවර පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට අවසන් කළයුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා විවිධ බොරු ප‍්‍රචාර ගෙන ගිය බවත් ඉතාමත් පැහැදිලි ප‍්‍රතිඵලයක් ලෙස 52% ඉක්මවන ප‍්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් බවත් මේක මහා මැතිවරණයක් වුණා නම් ආසන 120 ඉක්මවූ ආසන ප‍්‍රමාණයක් ලබාගෙන බහුතර බලය පෙන්වන්න තිබුණා යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල් පීරිස් මහතා පවසයි.

Read More

විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්‍ෂිතයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශ්‍යට පත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (25) දැනුම් දුන්නේය.

Read More

රුපියල පුදුමාකාර කඩාවැටීමකට ගොදුරු වෙලා. රුපියල 180ත් ඉක්මවා ගිහින්. රුපියලේ පිරිහීම නිසා ණය බර රුපියල් බිලියන 1760කින් වැඩි වෙලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.