මාරවිල අනතුරින් දෙදරු පියා මරණයට
මාරවිල හත්තිනිය ප්රදේශයේදී ඊයේ (25) රාත්රියේ කන්ටේනර් රථයක ත්රිරෝද රථයක් ගැටිමෙන් සිදුවු අනතුරින් එක් අයකු මරණයට පත්ව කාන්තාවක් බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ මාරවිල හත්තිනිය ප්රදේශයේ පදිංචි දෙදරු පියකු වන 65 හැවිරිදි සුනිල් ආනන්ද නැමති අයකු බව පොලීසිය පවසයි.
මරණයට පත් තැනැත්තා ත්රිරෝද රථ රියදුරෙකු වන අතර ඔහු රාත්රියේ තම බිරිඳ සහ දියණිය සමග ත්රි රෝද රථයෙන් ගමන් කරමින් සිටියදි කන්ටේනර් රථය ත්රිරෝද රථයේ ගැටි ඇති බව කියයි.
අනතුරින් බරපතළ තුවාල ලබා සිටි ත්රිරෝද රථ රියදුරා මාරවිල රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්වි සිටි බව පැවසේ.
අනතුරින් ත්රිරෝද රථයේ ගමන් කල 23 හැවිරිදි දියණියට කිසිදු තුවාලයක් සිදුවි නොතිබු බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබු අතර මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධව පරික්ෂණ අරඹා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

