එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ මෙන්ම විපක්ෂනායක තනතුරේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ නම් කැමති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
අද (26ද) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වෙන්නේ රනිල් වික්රමසිංහයි. පාර්ලිමේන්තුව තුළ ඒක වෙනස් කරන්න බැහැ. අපිත් කැමතියි එතුමා එජාප පක්ෂ නායක ධුරය ඉන්න එකටත් විපක්ෂ නායක කමේ ඉන්න එකටත්.
සජිත් ප්‍රේමදාසට බිම් මට්ටමක් ඇති බව නැති බව කිරිඇල්ල කියනවා. එජාපය නැවත නැවත බෙදෙමින් තිබෙනවා. සංවර්ධනය ක්‍රියාත්මක කරමින් ආදර්ශමත් විදිහට දේශපාලනය කළොත් ජනතාව ඒ ගැන පැහැදීමකින් කටයුතු කරනවා.
එදා අන්තිම මොහොත වෙනකන්ම කිව්වේ ගෝඨාභය රාජපක්ෂට පුරවැසි භාවයක් නැහැ කියලා. අවශ්‍යනම් දැන් ඒ ගැන උසාවි යන්න පුළුවන්. ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ගන්න අපට පුළුවන්.”
