තම සංවිධානයේ සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසිය.
ඉන්දීය භාරත් ශක්ති පුවත් සේවයේ නිටින් ගෝක්ලේ මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
2009 දී මානුෂීය මෙහෙයුම අවසන් විමත් සමඟ යුද හමුදාව පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා වෙහෙස නොබලා කටයුතු කළ ආකාරය සහ පශ්චාත් යුද සමයේ ජාතිය ගොඩනැඟිමේ ව්‍යාපෘති මෙන්ම සංවර්ධනය සඳහා දැක්වූ කැපවීම සහ සහයෝගීතාවය පිළිබඳව යුද හමුදාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
තවද උද්ගතව ඇති තත්ත්වයන් හඳුනාගෙන සාම්ප්‍රදායික නොවන තර්ජන සහ වෙනත් අභියෝගයන්ට මෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවක තම හමුදාව සූදානම් කර තැබීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව, ජාතිය ගොඩනැගීම, ප්රතිසන්ධාන ක්‍රියාවලිය, නිපුණ වෘත්තිය භාවය සහ වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම මගින් යුද හමුදා සාමාජිකයින්ගේ සහ පවුල්වල සුභසාධනය මෙන්ම හමුදා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ විශ්‍රාම ගැන්වීමේ කටයුතු ප්රමුඛත්වයක් මත සිදු කිරිම තම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.
