ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේදි ඉකුත් 7 දින තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් වෙඩි තැබුවේ යැයි කියන ආරක්ෂක නිලධාරියා 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද (25) නියෝග කළේය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පොකො දුමින්ද ලක්මාල් යන අයයි.
අනෙක් සැකකරු වන පොකො ජානක ප්‍රේමසිරි යන අය රු ලක්ෂ 10 ක ශරිර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව ලබන මස 10 දින කැඳවිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එස්.බි දිසානායක මන්ත්‍රිවරයා සිය ආරක්ෂක නිලධාරින් සමග ඉකුත් 7 දින ලක්ෂපාන ප්‍රදේශයේ ජනාධිපතිවරණයේ ප්රචාරක රැස්විමක් අවසන් කර ආපසු මහනුවර දක්වා සිය වාහන වලින් ගමන් කරමින් සිටියදි ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයේදි ආරක්ෂක නිලධාරින් සහ පොල්පිටිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් අතර ඇති වුයේ යැයි කියන බහින් බස් විමක් දුරදිග යාමෙන් පසු එස්.බි දිසානායක මන්ත්‍රිවරයාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් එක් නිලධාරියෙකු බහින් බස් විමට සම්බන්ධ වු තරුණයන් දෙදෙනෙකුට වෙඩි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරින් දෙදෙනාව ගිනිගත්හේන පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන 8 දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
