ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා විවිධ බොරු ප්‍රචාර ගෙන ගිය බවත් ඉතාමත් පැහැදිලි ප්‍රතිඵලයක් ලෙස 52% ඉක්මවන ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් බවත්මේක මහා මැතිවරණයක් වුණා නම් ආසන 120 ඉක්මවූ ආසන ප්‍රමාණයක් ලබාගෙන බහුතර බලය පෙන්වන්න තිබුණා යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල් පීරිස් මහතා පවසයි.
අද ( 25) පැවති පොදුජන පෙරමුණේ රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
"ප්රජාතන්ත්රවාදී ක්‍රියාමාර්ගයක් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනතාවට මහාමැතිවරණයක් සඳහා අවස්ථාව ලබාදීමයි. තමන්ට අවශ්‍ය මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට දැන් ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති මාලාව ඉතාමත් ඉහළින් පිළිගත්තා. එම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරිම සඳහා පාර්ලිමේන්තුවේ දායකත්වය අත්‍යාවශ්‍යයි. ඒ සඳහා දායකත්වය ලබාගැනීමට ජනතා මතයේ කැඩපතක් වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ඉතාමත් කාලෝචිතයි.
19වෙනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුව රැස්වු පළමු දිනයේ සිට ජනාධිපතිට බලය තිබෙනවා 2/3 බහුතර බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. එහිදි 19 වෙනි සංශෝධනයේ තිබෙන වගන්ති සමඟ කිසිම ගැටීමක් සිදු වන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සදාචාරාත්මක අයිතිය වන්නේ ඒ සදහා තමන්ගේ සහය ලබාදීමයි. නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන පක්ෂය ඒ සඳහා සහය ලබාදෙන්නේ නැහැ. වත්මන් පාර්ලිමේන්තුව ලංකාවේ ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නොවෙයි. 2015 අගෝස්තු 17 වෙනිදා පත් වූ මෙම පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය කිරිමක් සිදු වන්නේ නැහැ. මේ තිබෙන්නේ කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවක්. එය ජනතා කැමැත්තට පයින් ගැසීමක්. වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් පවසන්නේ 2020 මාර්තු 01 වෙනිදා දක්වා පවතින පාර්ලිමේන්තුව පවත්වාගෙන යායුතුයි කියලා. නමුත් අපි සඳහන් කළ යුතුයි ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ලැබෙන පළමු අවස්ථාවේදිම ඒ සඳහා කටයුතු කරන බව.
මාර්තු 01 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් අපේ‍්‍රල් 25 සිට මැයි 05 වෙනිදා දක්වා දිනයකතමයි මැතිවරණය පවත්වන්න නියම වෙන්නේ. ඒ අනුව බැලූවොත් මාස 06ක පමණ කාලයක් අපි සිදු කරන්නේ කප් මැරිමක්. මේ නිසා පීඩාවට පත් වන්නේ මේ රටේ ජනතාවයි. මේ පවතින ව්‍යාකූල තත්ත්වය තවත් මාස 06ක් යනතුරු පවත්වාගෙන යන්න වෙනවා. ප්රජාතන්ත්රවාදී දෘෂ්ඨි කෝණයෙන් බැලූ විට එය අවාසනාවන්ත සිදු වීමක්. ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුවේ සම්පූර්ණ සහය අවශ්‍ය වෙනවා. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය ලබාදීමට කටයුතු කළේ විශේෂයෙන්ම ඔහු මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට ඉදිරිපත් කළ ප්රතිපත්තීන් නිසයි. ඔහු ප්‍රකාශ කර සිටියා ඔහුගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් සෑම කරුණක්ම තම වසර 5ක ධුර කාලය තුළ ඉටු කරන බව. මේ කාලය නොනගත කාලයක් හැටියට අපි සලකන්නේ නැහැ. අපි මෙය දකින්නේ ප්‍රකාශයට පත් වූ ජනමතය නොතැකීමක් හැටියටයි. ගෝඨාභය - මහින්ද සුසංයෝගය තමයි ජනතාවට තිබෙන එකම අවස්ථාව" යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය .
