ජල නලයකට හානියක් ප්රදේශ රැසකට ජල සැපයුම බිඳ වැටෙයි
කඩවත පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීමක් හේතුවෙන් ජතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්රධාන නල මාර්ගයකට හානි සිදුව ඇති හෙයින් ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව කටුනායක/සිදුව ජා ඇල නග සභා බල ප්රදේශය, ජා ඇල ප්රාදේශීය සභා බල ප්රදේශය, මා බෝල ප්රදේශය, වැලිසර කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්රී ගම්, පොල්ගහහේන, බෝයිස්ටවුන් යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.
මෙම ප්රදේශවලට ජල මාර්ග නැවත පිළිසකර කරන තෙක් ජලය ලබාදීමට නොහැකි වී ඇති බවත් එම පිළිසකර කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත් ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.
එසේම ජල සැපයුම යථා තත්ත්වයට පත්වන වේලාව හැකි ඉක්මනින් දැනුම් දෙන බවද එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
