සජිත් පරාජයට පත්වීමට හේතු ගණනාවක් තියෙනවා
මේ මැතිවරණය කණ්ඩායම් ගණනාවක් එකට එකතුවෙලා කරපු එකක්. මේ මැතිවරණය මෙහෙයවන්න ලැබුණේ ඉතාමත් කෙටි කාලයක්. තුළ මැතිවරණය මෙහෙයවන්න මෙහෙයුම් කමිටුවක් පත් කළා. ඒක අපේක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. මෙහෙයුම් කමිටුවේ ප්‍රධානත්වය එතුමා දැරුවත් පක්ෂ නායකයෝ සියලුදෙනාම එකට වැඩ කළා. අනිත් කරුණ නම් මේ මැතිවරණ ව්‍යාපාරයේ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදුන්නේ කවදාද කියල හොයල බලන්න ඕන. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන නිල නිවේදනය ප්‍රකාශයට පත්කරලා සතියකට පස්සේ තමයි එතුමාට ජනාධිපතිවරණය මෙහෙයවන්න දුන්නේ. එහෙම නම් ඒ වගකීම භාරගන්නේ කවුද? ජනාධිපතිවරණයක් එනවා කියල පෙනි පෙනී තිබිලා දින වකවානු ගැන දැන දැන එතුමාට තරග කරන්න අවස්ථාව නොදී අන්තිම මොහොත දක්වා මේක ඇදගෙන යාමේ වගකීම කවුද භාරගන්නේ. ඒක නිසා මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය අපිට සති හතරකට සීමා වුණා. රැස්වීම් මාලාව ඉතාමත් වේගයෙන් කරන්න සිදුවුණා. දීපව්‍යාප්තව සිදුකළ සංවිධාන කටයුතුවල අඩුපාඩු සිදුවුණා. යනුවෙන් සජිති ප්‍රෙමදාස මහතාගේ මැතිවරණ පරාජය පිලිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හා සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ තිස්ස අත්තනායක මහතා ‘අද’ සමග මෙසේ කතා බහක නිරත විය.
popular news
-
waruna Tuesday, 26 November 2019 02:59 PM
අනේ මහත්යෝ බොරු බයිලා එපා. ඔය කතා බාරගන්න වෙලාවේ කිව්වේ නැහැනේ. සජිත් එල්ලුවොත් සිදුවෙන එරනම අපි කලින්ම පෙන්වා දුන්න. නමුත් සජිත්ට පුලවන් ගමේ විසල බලයක් සජිත්ට තිබෙනවා අනිවාර්යෙන් දිනිය හැකි බව කිව්වා. පලමුව ඔය කියන කිසිම බලයක් සජිත්ට නැහැ. නිපක්ෂික චන්ද දිනා ගැනීමට ආකර්ශනීය වැඩ පිළිවෙලක් ඔහුට තිබුනේ නැහැ. එම නිසා එම චන්ද ගොටබයට ගිය. සම්ප්‍රදායික එජාප චන්ද පමණයි ඔහුට ලැබුනේ. රනිල් කෙසේ වෙතත් ඔහුගේ කාර්ය හොදින් එටු කර සුළු ජාතික චන්ද අරගෙන් තිබෙනවා. (ඔහු යහ පලනයෙදේ fail නායකයෙක් වුනත්.
Reply : 0 11
dayan Tuesday, 26 November 2019 07:43 PM
ඔය මොකවත් නිසා නෙමෙඉ එයා පැරදුනේ. චන්ද දායකයෝ එයාට පක්සව චන්දෙ නුදුන් නිසා.
Reply : 0 0
Nandana Tuesday, 26 November 2019 09:54 PM
වැලේ වැල් නැතුව හිටපු ඔහේ කියන දේවල් අදාල නැහැ .අපි UNP වගේම සජිත් ට , ඔබ යන තැන පරාද වෙන බව දනිමි . අපි සජිත් ගැන බලා ගන්නම්
Reply : 0 0
dilal Thursday, 28 November 2019 03:02 PM
මීට පෙරත් ජනාධිපතිවරනවලදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්කලවිට සිරිකොතෙන් පිට කොළොඹ වෙනත් තැන්වල මෙහෙයුම් මද්‍යස්ථාන පිහෙටෙව්වද මෙවර වොෂ්හොල් විදියේ පිහටවූ එක වගේ. මම හිතන්නේ මේකෙන් අවාසි සිදුවුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
