saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1488 hours ago

LATEST

තරගාවලි ජය සොයා කොදෙව් - ශ්‍රී ලංකා කණ්ඩායම් අද තරගබිමට

calendar_today 2024 ඔක් 17 - 10:25 remove_red_eye - 255  

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද (17දා) පැවැත්වීමට නියමිතව තිබේ.

සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම මෙරට වසර 03ක සිට ඒකාකාරී මට්ටමේ පවතින බවත්, මාධ්‍ය වාර්තාකරණය සිදු කරන ආකාරය අනුව සියදිවි හානි කර ගැනීම වැඩිවන බවට පෙනී ගොස් ඇති බවත් මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි.

Read More

මෙරට තුළ විකිණීමට ඇති තෙල් වර්ගවල දුර්ගන්ධය ඉවත් කිරීමට හා පිරිසුදු කිරීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිකා ඇති කිරීමට ඍජුවම බලපාන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක, සඳුන් රත්නායක මහතා පෙන්වා දෙයි.

Read More

බ්‍රික්ස් සමුළුවට (BRICS Summit) රටක් ලෙස සහභාගී විය යුතු බවත්, ඊට රටේ ජනාධිපතිවරයා සහභාගී නොවීමට තීරණය කිරීම පිළිබඳ කනගාටු වන බවත්, සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

විදුහල්පති ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේද අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, අඩුම තරමින් ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් හෝ නොකරන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවත්, පාසල් පද්ධතිය තුළ දරුවන් ලක්ෂ ගණනින් මන්දපෝෂණයෙන් පෙළෙන බැවින් ඒ වේදිකාවල පොරොන්දු වූ කතා කළ පරිදි ඒ සඳහා විසඳුම් ලබා දිය යුතු බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් සඳහන් කළේය.

Read More

අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් කිරීමෙන් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයන් අද (16) නිකුත් කළේය.

Read More

රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට 18 වන දා සිට මුදල් ලබා ගත හැකියි

Read More

රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී 10/16 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ගෑන්ඩ්පාස් මාදම්පිටිය සූසාන භූමියේ ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

Read More

2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.

Read More

පැය 48ක කාලයක් තුළදී ඉන්දීය ගුවන් යානා 10ක පමණ බෝම්බ ඇති බවට වූ තර්ජන හේතුවෙන් එම ගුවන් යානා ප්‍රමාද කිරීම හෝ හරවා යැවීම සිදු කර තිබේ.

Read More

රුපියල් බිලියන 3.5ක වැට් බදු නොගෙවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකුට කළ ඇප ඉල්ලීම අද(16දා) දෙවන වරටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

අනුරාධපුර මධ්‍යම නූවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලවල් තුල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන්, ඌරන් විශාල වශයෙන් මිය යමින් සිටින බව එම සත්ත්ව ගොවීහු පවසති.

Read More

ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු 10/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔහු ආපසු පිටුවහල් කිරීමට ද පියවර ගෙන තිබුණි .

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් තාවකාලික සමුගැනිමක් පමණක් සිදුකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැස‍ිය.

Read More

ඉංදියානූ ශ්‍රී ලංකා ඒකාබද්ධ නිර්මාණය ක් ලෙස උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල රූගත කිරිම් කල මිරායි චිත්‍රපටයේ රූගත කිරිම් හේතුවෙන් දින කීපයක් සීමා කර තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (16) සිට යලි සුපුරුදු පරිදි ධාවනය කැරෙන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

තමා සතු පාස්කු වාර්තා දෙක ලබා දුන් පසු ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් ඇමතිවරයා හෝ ආණ්ඩුව ප්‍රතිඥාවක් නොදෙන්නේ නම් එම වාර්තා කිසිදු හේතුවක් මත ආණ්ඩුවට භාර දීමට තමා සූදානම් නොමැති බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉදි කොට වැඩ අවසන් කොට ඇති ශිතාගාරය ගොවිජනතාවගේ කටයුතු වෙනුවෙන් කඩිනමින් විවෘත කරන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලා සිටි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323දෙනෙකු උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බැව්, පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

Read More

දින 67ක් මුහුදේ අතරමංව සිටි රුසියානු ජාතිකයෙකු ​බේරාගෙන තිබේ.

Read More

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව ට්‍රිප්ඇඩ්වයිසර් සංචාරක මාර්ගෝපදේශක වෙබ්අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමකදී, ලොව හොඳම රෙස්ටුරන් අතර දෙවැනි ස්ථානය, ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකර ගෙන තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සියලු පරීක්ෂණ කතෝලික සභාව පිළිනොගන්නා බැවින් පිළිගත හැකි යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා කතෝලික ජනාතවට සාධාරණය ඉටු කරන්නැයි අනුර කුමාර දිසානායක ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා මහතා පැවසීය.

Read More

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසිය සැකපිට චීන ජාතිකයන් ඇතුළු විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගත් බවට පළවන නවතම වාර්තා පිළිබඳව චීන තානාපති කාර්‍යාලයේ අවදානය යොමුව ඇති බව තානාපති කාර්‍යාලය පවසයි. මෙය චීනයේ කීර්තිනාමයට බරපතල හානියක් බව ද තානාපති කාර්‍යාලය සඳහන් පවසන්නේ, මෙම පරීක්ෂණ කටයුතු සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

Read More

මාතර පොලිස් වසමේ රුවන්වැල්ල ප්‍ර දේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය කියයි.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගයා එම ස්ථානයේදීම මියගොස් ඇති තිබේ.

Read More

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) සවස පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.