ඉරාන - ඊශ්‍රායල අතර යුධ උණුසුම වර්ධනය වීමත් සමග , ඉරානයේ ගුවන් අවකාශය වසා දමා ඇති හෙයින් යුරෝපය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් වල වෙනසක් සිදු වෙමින් පවතින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
ඒ අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය , ගුවන් ගමන් මාර්ගය වෙනස් වීම නිසා , මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ .
මෙම ගුවන් යානය 06/13 දින පස්වරු 12.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබූ අතර , එය නව තත්වයන් යටතේ සවස 06.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව දීපාල් පෙරේරා මහතා පැවසීය .
එසේම 06/13 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය යූ.එල්.- 501 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානය , ඉන්ධන ලබා ගැනීම සදහා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා ඇති බව දීපාල් පෙරේරා මහතා පැවසීය .
මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් පසුව විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ ප්‍රංශයේ පැරිස් නුවර වෙත ලගා වීමට නියමිතය .
ඒ අනුව විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ යුරෝපයේ ගමනාන්ත වෙත ගමන් ගන්නා ගුවන් යානා වලට යුධ උණුසුම නිසා , වෙනත් විකල්ප ගුවන් ගමන් මාර්ග අනුගමනය කිරීමට සිදු වී තිබේ .
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා 1979 දුරකථන අංකයෙන් හෝ +94117771979 ( ජාත්‍යන්තර ) , +94744441979 ( වට්ස් ඇප් )හෝ ඔබගේ සංචාරක නියෝජිතවරයා නැතිනම් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අමතන ලෙස දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කර සිටී.