ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ "හදවත" ඉලක්ක කරගනිමින් ඉරානය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලය විසින් එල්ල කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව, මෙම ප්‍රහාරවලින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී හොසේන් සලාමි මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයින් පිරිසක්ද ද මිය ගොස් ඇති බවට තහවුරු කර තිබේ.
ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ මෙම ප්‍රහාර "ඊශ්‍රායලයේ පැවැත්මට ඉරාන තර්ජනය මැඩපැවැත්වීම සඳහා ඉලක්ක කරගත් මිලිටරි මෙහෙයුමක්" බවයි.
ප්‍රතිප්‍රහාර එල්ල විය හැකි බැවින් ඊශ්‍රායලයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ප්‍රහාර සඳහා එක්සත් ජනපදය සම්බන්ධ නොවූ බවත් කිසිදු සහායක් ලබා නොදුන් බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා තිබේ.
ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යන දෙකම ප්‍රහාර සඳහා "දැඩි මිලක්" ගෙවනු ඇති බවයි.
