ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දෙරට අතර කටයුතු සාමකාමීව සිදු කරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.
දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එලෙසම ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබා දී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.