ඉන්දියාවේ අහමදාබාද් සිට එංගලන්තය බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී සුළු වේලාවකින් කඩාවැටී විශාල ගුවන් අනතුරක් සිදුව තිබේ. ගුවන් අනතුර සිදුවන අවස්ථාවේදි එම ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලයේ 244ක් ගමන් කර තිබේ.
යානය ගුවන් ගත වී තත්ත්පර කිහිපයකින් සබඳතා බිඳ වැටී තිබේ. ගුවන් යානයේ ගමන් කර ඇති පිරිසෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් අතර එම සංඛ්‍යාව 169කි. මීට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයන් 53ක්, කැනඩා ජාතිකයෙක් හා පෘතුගාල ජාතිකයන් 7ක් ගමන් කර ඇති බවට එයාර් ඉන්දියා ගුවන් සමාගම නිවේදනය කරයි.
