කණ්ඩලම වැව ඉස්මත්තේ වසර ගණනාවක් තිස්සේ සැරි සරමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියාගේ දකුණු අතට වෙඩි වැදී සති කිහිපයක් තිස්සේ ඇවිද ගැනීමට නොහැකිව වැව් තාවුල්ලේ රැඳී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
අවස්ථානය කිහිපයකදී මේ බව වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබුණු බවත් මීට මාසයකට පමණ ඉහතදී මෙම වන අලියාට ප්‍රතිකාර කළ බව දැනගන්නට තිබෙන නමුත් මේ වන විට තත්ත්වය බරපතල වී කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන අලියාට ආහර ගැනීමට පවා නොහැකිව සිටින බව ජනතාව පෙන්වා දෙති
කණ්ඩලම වැව ඉස්මත්තේ රැඳී සිටින අලියාට වහාම ප්‍රතිකාරයක් නොලැබුණහොත් ජීවිත අවධානමක් පවතින බවද ප්‍රදේශවාසීහූ පෙන්වා දෙති. කෙසේ වෙතත් සති කිහිපයක් යනතුරුත් මෙම වන අලියාට කිසිදු ප්‍රතිකාරයක් ලබා දී නොමැත
සීගිරිය වනජීවී කාර්යාලයට ඇමතුමක් ලබා ගත්තද එහි නිල දුරකථනය තාවකාලිකව විසන්ධි කොට තිබේ කෙසේ වෙතත් සීගිරිය වනජීවී කාර්යාලයේ ප්‍රධානියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තද ප්‍රතිචාරයක් නොදැක්වීම විශේෂත්වයකි . වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ දුරකථනයට ද ඇමතුම් ගත්තද ඔහුද ඇමතුම් ලබා ගැනීම් නොකළ නිසා මේ පිළිබඳව කරුණු විමසීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිදු අයකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම ද විශේෂත්වයකි
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී මෙම වන අලියාට ආහාර ලබා දී තිබෙන බවද කණ්ඩලම වැව ඉස්මත්තට ගිය විට දැකගැනීමට හැකි විය වසර ගණනාවක් තිස්සේ කන්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන මෙම වන අලියා දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ වන අලියෙක් බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම වන අලියා ඇතැම් අවස්ථාවන්හිදී සංචාරක හෝටල් ආසන්නයටම ගොස් ආහාරපාන ලබා ගන්නා බවද ප්‍රදේශවාසීහූ පෙන්වා දෙති. සංචාරක කර්මාන්තයට විශාල සේවාවක් සපයමින් ඩොලර් උපයා දුන් කණ්ඩලමේ හැඩකාරයා මියැදෙන්නට පෙර ප්‍රතිකාරයක් කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



