saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9402 hours ago

LATEST

මහ මැතිවරණයෙන් පසු බොදුබලසේනා සංවිධානය විසුරුවාහරියි

calendar_today 2019 නොවැ 19 - 14:16 remove_red_eye - 2695  

මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා.

ජනාධිපති මැතිවරණය සදහා ඡන්දය භාවිතා කිරිම සදහා වතුකරයට පැමිණි ජනතාවට නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් දෙවන දිනටත් බස් මගින් දැඩි අසිරුතාවයන්ට පත්ව ඇත.

Read More

ජනාධිපතිවරණයේදී ප්‍රමාණවත් අරමුදල් නොලැබුණු බවත්,වෙන්කළ අරමුදල්වලට සිදුවූයේ කුමක්දැයි සෙවිය යුතු බවත් හෙතෙම කීය.

Read More

පොළොන්නරුව මනම්පිටිය වැලි කැණිම් ව්‍යාපෘතියේ කාර්යාලයට අද (19) දින අලුයම කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More

නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්) වසා නොදැමීමට කටයුතු කර තිබුණි.

Read More

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතා පත්කර තිබේ.

Read More

නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පත්කර තිබේ.

Read More

රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වී ඇති හෙයින් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විකල්ප තුනක් ඉදිරිපත් වී ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට ඊයේ (18) දින හදිසියේම ඇතිවූ අධික වැසි ,දැඩි අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දෙසැම්බර් මස 03 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලයි

Read More

නව ජනපති ලේකම් ලේකම් ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

එැවැනි ගැටලු පිළිබඳව සිරිකොත පක්ෂ මූලස්ථානයේ 011- 2889378 සහ 077- 9215299 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසද ඔහු දන්වා සිටියි.

Read More

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනය කරයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ දහවල් පවත්වා ඇත.

Read More

සහරාන් ඇතුළු කණ්ඩායමක් සිදුකළ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත් වීම ජනාධිපතිවරණයේ පරාජයට මූලික ලෙස බලපා ඇතැයි මෙහිදී සාකච්ඡා වී තිබේ.

Read More

නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද, නව ආරක්‍ෂක ලේකම් ධුරය සඳහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත් කිරීම සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත චීන ජනපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.

Read More

වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී.ඒ. කරුණාදාස මහතාට අද (18) සවස කිසියම් දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කොට ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

Read More

නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඡන්ද විමසීම පැවැති දිනය දක්වාත්, ඉන්පසුව ගෙවී ගිය කාලයත් ඉතාමත් සාමකාමී බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

රුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.

Read More

ඇසුරු නොකළ තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බවත්, ඇසුරුම් කළ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් අනූ දෙකක් (92) බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

Read More

වැලිකන්ද, මහින්දාගම ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක තිබි විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බ 3ක් අද (18) දින හමු වූ බව වැලිකන්ද පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, ජෝන් අමරතුංග, වජිර අබේගුණවර්ධන, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය සඳහා රුවන්වැලිසෑ පුදබිමට පැමිණෙන මාර්ගයේ රැඳී සිටි ජනතාව ඔවුන් හට දැඩි විරෝධයක් දැක්වූහ.

Read More

ලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව විධායක ජනපති ලෙස තෝරා ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

එළවලු මිල ඉහළ යෑම නිසා හා එළවලු හිඟයක් ඇතිවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව වාර්තා වේ.

Read More

හැකි ඉක්මනින් මහ මැතිවරණයක් කරා පිවිසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.