නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට පැමිණි ගුරුවරයා උපකාරක පංතියක උගන්වලා
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ රාජකාරියට පැමිණි බවට පැමිණීමේ ලේඛනය අත්සන් තබා පුද්ගලික උපකාරක පංතියක උගන්වමින් සිටි අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක ගුරුවරයකු නීතියේ රැහැනට කොටුකර ගනීමට ඊයේ (27දා) පස්වරුවේදී අම්බලන්ගොඩ අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමත්වූයේය.
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරීන් පිරිස අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු සමග මේ සැකකාර ගුරුවරයා උගන්වනවා යයි කියනු ලබන උපකාර පංතිය සොයා වැටලීමක් සිදුකර තිබේ. එහිදී පෞද්ගලික උපකාර පංතියේ උගන්වමින් සිටි මේ සැකකාර ගුරුවරයා කොටුකර ගැනීමට එහිදී මේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ.
ගණිතය විශය උගන්වන සැකකාර ගුරුවරයා මේ පාසලට මාරුවීමට පෙර කරන්දෙනිය ප්‍රධාන පාසලක උගන්වමින් සිටියදී එම පාසලේ වාර විභාගයට ලබාදීමට සූදානම් කොට තිබූ ගණිතය ප්‍රශ්න පත්‍රය ලබා දීමට නියමිත දිනට පෙර දින තමා උගන්වනු ලබන උපකාර පන්තියේ සිසුන්ට ලබාදීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ අයෙක් බවද මෙහිදී අණාවරණයවී තිබේ.
කරන්දෙනිය එම් .සුසිල් ප්‍රියන්ත

popular news
-
Rocky Friday, 28 February 2020 07:14 PM
මොහු සේවයෙන් නෙරපීම සුදුසුය. කිසිම අනුකම්පාවක් මේ වගේ ආත්මාර්ථකාමී ටියුෂන් ගුරාලාට දැක්විය යුතු නැත. කරුණාකර මුගේ පොටෝ එකක් පත්තරේ දාන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
