ඇක්සා - සෝෆා විවේචනය නොකළ බව බන්දුල කියයි
ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ඇක්සා හා සෝෆා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉඩක් නොමැති සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මෙහිදී මාධ්‍යවේදියෙකු යොමුකළ ගැටලුවක් වූයේ රජය ඇමෙරිකාව සමග එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකළත් ඇමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා හා සෝෆා ගිවිසුම් ගැන රජය කටයුතු කරන්නේ කෙසේද යන්නයි
"ඒ ගැන විවේචනය කළේ නෑ. එම්.සී.සී. ගිවිසුම ගැනයි විවේචනය කළේ. අත්සන් කළ ගිවිසුම් ගැන සළකා බලන්න අවස්ථාවක් නෑ." යැයි ඔහු පැවැසීය.
popular news
-
dayan Friday, 28 February 2020 12:53 PM
රැවටෙන්න එපා මේ කවුරුත් එකම කට්ටිය. අපි තමා මෝඩයෝ.
Reply : 0 0
Don Friday, 28 February 2020 08:32 PM
ඔක්කොම ගිවිසුම් ඉරල, පුච්චලා දානවයි කියල කිව්වේ. ඇයි දැන් ඒවා සැප ගෙනදෙනවාද ?
Reply : 0 0
Devinda Uduwara Saturday, 29 February 2020 06:27 PM
GOTA signed first ACSA in 2007. SOFA was signed in 1995. Do you know the contents of these agreements?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
